31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…

හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගැස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගැස් අලෙවි නියොජිතයාගෙන් (28) දින මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා විසින් හැටන් පොලිසියට දැනුම් දි ඇත.

මිල දි ගන්නා ලද ගැස් සිලින්ඩරයේ මුද්‍රාව ඉවත් කර ගැස් සිලින්ඩරය , ගැස් ලිපට සම්බන්ධ කිරිමට ප්‍රථම සබන් පෙන යොදා පරික්ෂා කිරිමේදි මිල දි ගන්නා ලද කිලෝ 12.5 ගැස් සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බවට තහවුරු විමත් සමග එම පාරිභෝගිකයා ගැස් සිලින්ඩරය නිවසින් බැහැර කිරිමට පියවර ගැණින.

එසේ ගැස් කාන්දුවන සිලින්ඩර ආපසු භාර ගැනිමට තමන්ට ගැස් සමාගමෙන් කිසිදු උපදෙසක් මේ වන තෙක් ලැබි නොමැති බව හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

සෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.

Maimoonar

වාහන දුම් සහතික සමාගම් වල සහතික බොරු.. දුම් පරීක්‍ෂාව ලංගම යටතට…

Maimoonar

මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවට

Maimoonar

690 comments

Comments are closed.