January 29, 2026
NewsPolitical

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

තමන් නැවත වතාවක් මහ බැංකුවේ අධිපති ධුරයට පත් වනු ඇති බවට පැතිර යන වාර්තා තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තමන් වසර අටක පමණ කාලයක් මහ බැංකු අධිපති ලෙස සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුපක් හෝ අඩුම තරමේ තීරු බදු රහිත වාහනයක් හෝ තමන් ලබාගෙන නැතැයි ද ඔහු පැවසීය.

සේ වෙතත් 2006 වසරේ ජනාධිපති ලේකම්වරයා තමනට ලබා දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි බව පැහැදිලිව සඳහන් කර තිබුණු නමුත් මෙතෙක් විශ්‍රාම වැටුපක් නොලැබුන බවද ඔහු කීය.

Related posts

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Maimoonar

සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..

Maimoonar

කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට

Maimoonar

5 comments

Comments are closed.