Local NewsNews

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්‍රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට කිලිනොච්චියේ ධීවර සංගම් ඉල්ලා සිටිති.

කිලිනොච්චියේ පිහිටි ධීවර සංගම් 16 ක නියෝජිතයින් හා ජාතික ධීවර සහයෝගිතා පදනම විසින් කිලිනොච්චියේදී පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මේ බව මාධ්‍යට පැවසිය.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා පදනමේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියේ,

‘මේ වන විට කව්දාරිමුනෙයි ප්‍රදේශයේ චීන ජාතිකයින් විසින් අක්කර දෙකක භූමි භාගයක මුහුදු කූඩලු ගොවිපලක් පවත්වාගෙන යනවා එහි මුහුදු කූඩලු කොටු 150 ක් පමණ තිබෙනවා නමුත් එහි තාක්ෂණය කිසිදු දේශීය ධීවරයෙකුට ලැබෙන්නැහැ එය දැඩි අසාධාරනයක් උතුරේ ධීවරයින්ට සිදුවන. විදේශීකයින් පැමිණ උතුරේ භූමි අත්පත්කරගෙන මෙලෙස මුදල් උපයනවා එය රටටත් පාඩුවක්.

ඒ නිසා මේ සියලු ධීවර සංගම් ඒකමතික තීරණයකට ආවා මේ විදේශීය ව්‍යාපෘති නවතා දැමිය යුතුයි ඒ වගේම මේ මුහුදු කූඩැල්ලු ගොවිපල තාක්ෂණය දේශීය ධීවරයින්ට ඉගැන්වීමේ යාන්ත්‍රණයක් ඉතා ඉක්මනින් රජය විසින් සකස් කල යතුයි.

‘මේ පිළිබඳව උතුරු පලාත් සියුල ධීවර සංගම් හා ජාතික ධීවර සහයෝගිතා පදනම එක්ව ජනාධිපතිතුමා දක්වා සියලු බලධාරීන්ට දැනුවත් කරනවා ඉදිරියේදී උතුරේ සියලු ධීවර නියෝජිතයින් මේ පිළිබඳව දැනුවත් කරනවා . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Maimoonar

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Maimoonar

පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…

Maimoonar