BusinessBusiness News

ඉන්ධන ණයට ගන්න රටවල් 03ක් සමග සාකච්චා…

ලොව ප්‍රධාන රටවල් තුනකින් මාස හයක ණය පදනම යටතේ ඉන්ධන ලබා ගැනීමට සාකච්චා ආරම්භ කර ඇතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉරානය ඉන්දියාව සහ චීනය යන රටවල තානාපතිවරුන් හමුවේ තමන් මේ ගැන සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

මාස 6 ක කාලයක් සඳහා ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් පමණ අවශ්‍ය බවක් ණය ගිවිසුම් සාර්ථක වුවත් ඉන්ධන ලබා ගෙන ඒවා විකුණා මාස හයකින් මුදල් ගෙවීමට හැකියාව ඇති බවත් ඒ මහතා කියා සිටියි.

තමන් මෙතෙක් මේ සම්බන්ධයෙන් පවත්වන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා දැනට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සුළු වශයෙන් ඉහල පහල යන නමුත් පාරිභෝගිකයන්ට සහන දිය හැකි මට්ටමට ඉන්ධන මිල අඩු වී නැතැයිද සඳහන් කළේය.

Related posts

ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..

Maimoonar

පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..

Maimoonar

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

Maimoonar

1,096 comments

Comments are closed.