February 12, 2026
NewsPolitical

ඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..

වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

රටේ දැනට පවතින වසංගතය පාලනය කිරිම සදහා මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇතත් සංවර්ධන ව්‍යාපෘතීන් වල සේවය කරන සියළුම සේවකයන්ට තමන්ගේ රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර බාධාවකින් තොරව තමන්ගේ සේවා ස්ථානයට පැමිණීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරිම්, නව කැළණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරිම්, ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය, කිලෝමීටර් 100,000ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යනාදී සංවර්ධන ව්‍යාපෘතීන් වල වැඩ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කලේ 2021-08-20 වන අද දින වසංගත තත්ත්වයේ වුවද දැනට සංවර්ධන කර ඇති ව්‍යාපෘතීන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යා යුතු ආකාරය පිළිබදව Zoom තාක්ෂණය ඔස්සේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Related posts

සදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..

Maimoonar

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Maimoonar

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

Maimoonar