February 26, 2026
NewsPolitical

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

අද වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නැයි ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

ජනතාව එම ඉල්ලීම කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටින විට ජනතාවට සහන සැලසීම සදහා රටේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති අගමැති ඇතුළු රජයට ශක්තිය ඇතිවන නිසා බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන්නේ දේශපාලඥයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පවා ඉල්ලීම් කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

2015 වර්ෂයට පෙර තිබූ අන්දමට කටයුතු කරන්නට ඉඩ ලබා දෙන ලෙස එම නිලධාරීන් ඉල්ලා සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Maimoonar

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Maimoonar

සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..

Maimoonar

4 comments

Comments are closed.