January 29, 2026
NewsPolitical

පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව වගකීම භාරගෙන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

අද දිනපතා පුවත්පතක් විසින් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර ඇත්තේ ඕනෑම අයෙකුට අදහස් දැක්වීමට අයිතියක් ඇති නිසා එය ප්‍රශ්නයක් බවට පත්කර නොගත යුතු බවයි.

මේ මොහොතේ ඉන්ධන මිල ඉහල දමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යිය ද පවසන අමාත්‍යවරයා මෙරට ජනතාවට මුහුණ දෙන තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බවද පැවසීය.

කෙසේ වෙතත් මෙය තාවකාලික පියවරක් බවත් ලෝක ඉන්ධන මිල පහළ ගිය වහාම ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන මිල ඉහල නොදමා පවත්වාගෙන ආ බවත් එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවු බවත් අගමැතිවරයා තවදුරටත් පුවත්පත වෙත සඳහන් කර තිබේ.

Related posts

මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..

Maimoonar

සමාජ ජාලවල නිල ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් කාන්තාවකගේ සේවය අත්හිටුවයි…

Maimoonar

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

Maimoonar