Local News News

‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව  පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක්  වහාම ඉදිරිපත් කරන්නැයි  මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය භාර නිලධාරීන්ට උපදෙස් දෙයි .

අධිවේගී මාර්ගයේ හේතුවෙන් ම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යට වූ බවට ජනතාව මතුකරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා  මහා මාර්ග අමාත්‍යාංශයේ අද (8) පැවති     සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ය

ගම්පහ ප්‍රදේශය පෙර නොවූ පරිදි ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට හේතු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සාකච්චාවේදී ඊට හේතු වූ කරුණු ගණනාවක් ද  අනාවරණය විය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම යළි සමාලෝචනය පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරුණු අතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයට හේතු වූ කරුණු විමර්ශනය කර වාර්තාවක් සැකසීම සඳහා ඒකාබද්ධ කමිටුවක් ද පත් කෙරිණි  ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම  කමිටුව පත් කළ අතර ඊට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේත් මහා මාර්ග දෙපාර්තමේන්තුවේත් නිලධාරීන් ඇතුළත්වේ. දින හතරක් ඇතුළත  මෙම වාර්තා  ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

කෙටිම කාලයක් තුළ වැඩිම වර්ෂාපතනයක් ගම්පහ දිස්ත්‍රික්කයට  වාර්තා වූයේ මෙවර බවත් එය මිලිලීටර් 250 ත් 300 ත් අතර වූ බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සකස් කොට ඇති නියාමන මාර්ග හා සේවා සැපයුම් මාර්ග නිසි සැලසුමකට ඉදි නොකිරීම සහ  ඊට අදාළ ජලය බැසයාමේ කාණු පද්ධතිය නිසි පරිදි ඉදිනොකිරීමත් ගම්පහ නගරය  ඇතුළු ප්‍රදේශ වල ජල ගැලීම් ඇති වීමට හේතුවක් ව ඇති බව රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරු පෙන්වා දුන්හ

වසර 50 කට අධික කාලයක් ගංවතුරෙන් යට නොවුණු ප්‍රදේශ පවා මෙවර ගංවතුරෙන් යටවී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම සඳහා හේතු වූ කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලසුම් පිළිබඳව  නැවත නිසි අධ්‍යයනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පවතින ඇළවේලි කාණු පද්ධති පිරිසිදු කොට පිළිසකර කිරීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ජනතාව පීඩාවට පත්වන ආකාරයට  අධිවේගී මාර්ග ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් ඵලක් නොවන බව ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක් වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ වසර ගණනාවක් පුරාවට තමන් ජීවත් වූ පරිසරය සහ ඔවුන්ගේ ජීවන ක්‍රමයට හානියක් නොවන ආකාරයට අධිවේගී මාර්ග සහ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවයි.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් පැවැති දීර්ග සාකච්චාවේදී තීරණය වූයේ අවශ්‍ය ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම සදහා අවශ්‍ය  වුවහොත් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමකට වුවද  පියවර ගන්නා බවයි.

ඒ අනුව ගංවතුර පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අධිවේගී මාර්ගය සැලසුම් නැවත අධ්‍යයනය කොට ඊට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

පසුගිය වැසි සමයන් වල අවස්ථා දෙකකදී ගම්පහ නගරය ගංවතුරෙන්  යට වුණා. ඒකට හේතුව වෙලා තියෙන්නේ අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ දුම්රිය මාර්ගය ගැටෙන ස්ථාන වල පවතින තත්වයන්. ඒ වගේම අපි දන්නවා කෙටි කාලසීමාවක් තුළ අධික වර්ෂාපතනයක් පතිත වීමත් මේකට එක හේතුවක් වෙලා තියනවා. බැසිල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් නායකයා වශයෙන් ඉන්නකොට  ඇළි වේලි මීට අවුරුදු පහළොවකට කලින් පිළිසකර කලා . නමුත් ඊට පසුව අද වෙනතුරු කිසි කෙනෙක් ඒ සම්බන්ධව අවධානය යොමු කරල නැහැ. පවතින තත්වය තුළ ගම්පහ අධිවේගී මාර්ගය සැලසුම් සම්බන්ධයෙන්  නැවත  අධ්‍යනයක් කරන්න අද තීරණය වුණා. 2015ට පෙර  මධ්‍යම  අධිවේගී මාර්ගය  සැලසුම් සකස් කරලා තිබුණේ කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් වශයෙන්.  මහින්ද රාජපක්ෂ රජය සමයේ කණු මතින් ඉදි වෙන මාර්ගයක් වශයෙන් මේ අධිවේගී මාර්ගය සැලසුම් කර තිබුනත් පසුගිය රජය සැලසුම් වෙනස් කලා. සැලසුම් කල පරිදි ඉදිකිරීම් සිදුවුනානම් ගංවතුර ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩුව කාලේ වියදම අඩුකරන්න මාර්ගය පස්වලින් පුරවා සකස් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ නිසා දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව තාක්ෂණික වශයෙන් නැවත සලකා බැලීමට අපි තීරණය කළා. ඒවගේම අවහිර වුනු ඇළවේලි බෝක්කු සම්බන්ධයෙන් සොයා බලලා ජනතාවට හානියක් කරදරයක් නොවන ආකාරයට මේ අධිවේගී මාර්ගය ඉදි කිරීම් සිදුකල යුතුයි  කියන මතයේ අපි ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගැනීම අවශ්‍ය සියලු කටයුතු අපි සිදු කරනවා. ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මධ්‍යම අධිවේගී මාර්ගය සැලසුම් නැවත අධ්‍යයනය කිරීම සිදු කෙරෙනවා.

මහාමර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ගම්පහ ආසනයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව චෝදනා කළේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා මේ ගංවතුර තත්ත්වය ඇතිවුණු බවටයි. ඒ පිළිබඳව මධ්‍යම අධිවේගී මාර්ගයට උපදේශකත්වය දෙන සියලුම ඉංජිනේරුවරුන් වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් දිස්ත්‍රික් ලේකම්වරයා සහ දේශපාලන නායකත්වයෙන් අද අපි විශේෂ සාකච්ඡාවක් කළා.

ඒ සාකච්ඡාවේදී අපි  ජනතාව මතුකල කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා. මේ අධිවේගී මාර්ගය නිසා ද ගම්පහ යට උනේ කියලා අපි එහිදී කරුණු විමසා සිටියා.

එහිදී මතු වුණු ප්‍රධාන කාරණාවක් වන්නේ අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා ඉදිකර ඇති අතුරු මාර්ග ඉදිකිරීමේදී ජලය බැස යන  මාර්ග සකස් නොකිරීම නිසා මෙම ගංවතුර තත්ත්වය ඇතිවූ  බව . ඒ නිසා එම තත්ත්වය වහාම නිවැරදි කරලා ජනතාවට සහන සලසන්න අපි තීරණය කළා . ඉදිරි සතියක කාලය තුලදී තාවකාලිකව ඉදි කර ඇති මාර්ග සහ කාණු පද්ධතිය නිවැරදිව සකස් කිරිම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති. විශේෂයෙන්ම වත්තල ජා ඇල ප්‍රදේශය ජලයෙන් යට වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ වගුරුබිම් ගොඩකර ගොඩ කරගෙන ජනතාව විශාල ප්‍රමාණයක් අනවසර ඉදිකිරීම් සිදුකිරීමයි. මේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මාර්ගයෙන් වාර්තාවක් සකස් කර සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්නට අපි තීරණය කළා. ජාඇල ඇළ මාර්ගය ඉදිකිරිමේදී වර්ෂාපතනයත් සමඟ ලැබෙන වැඩි ජලය ප්‍රමාණය මුතුරාජවෙල පහත් බිම්වලට ගලා යන ආකාරයට සකස් කොට තිබුණා. නමුත් අද වන විට ඒ මාර්ග සියල්ල අවහිර වෙලා තිබෙනවා. අනවසර ඉඩම් කුණුකොල්ලෙට අරගෙන ඔප්පු හදාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා . ඒ සියල්ල නැවත රජයට පවරා ගෙන සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැලීම් නවත්වන්න අපි කටයුතු කරනවා.

– midea  unit

Related posts

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

Shiran Viraj

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

Shiran Viraj

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Shiran Viraj

3 comments

best lunch in fort worth stockyards May 18, 2023 at 11:45 am

best lunch in fort worth stockyards Worth doesn’t have
a lot of those restaurants.

Reply
dispensaries near denver tech center June 16, 2023 at 7:14 pm

However, they have a vast array of cannabis products.

my web page :: dispensaries near denver tech center

Reply
Bookmarks June 16, 2023 at 7:14 pm

This was the best dispensary experience in Denver.

Also visit my web site … Bookmarks

Reply

Leave a Comment