February 26, 2026
Local NewsNews

හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක

රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අද දහවල් 12 සිට 12.30 දක්වා වූ පැය භාගයක කාලයක් සේවයෙන් බැහැර වී නිහඬ උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රෝගීන් වෙනුවෙන් නිසි ලෙස ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් දෙන ලෙස ඉල්ලමින් මෙම නිහඬ උද්ඝෝෂණය සිදුකරන බවය. හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24ක් මෙම විරෝධතාවයට එකතු වන බවද කී ඔහු මීට සමගාමීව හෙට දිනයේ ප‍්‍රධාන රෝහල් 09ක පෙරවරු 07.00 සිට දවල් 12.00 දක්වා පැය 5 ක් සේවයෙන් බැහැර වී විරෝධය පළ කරන බවද කියා සිටියේය. එසේ නමුත් මෙහිදී කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.

Related posts

අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..

Maimoonar

ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

Maimoonar

ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…

Maimoonar

7 comments

Comments are closed.