January 15, 2026
BusinessBusiness NewsNews

ගෑස් මිල 300කින් ඉහලට…?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දැමීමේ ඉඩක් ඇති බවත් සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ගෑස් මිල ඉහල දැමිය යුතු බවට ගෑස් සමාගම් දෙකම රජයෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුව හෙට දිනයේ දී රැස්වීමට නියමිතය.

මෙම අමාත්‍ය අනුකමිටුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වන අතර වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, කෙහෙළිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල යන මහත්වරුන් ද ඇතුළත් වෙති.

ගෑස් සමාගම් විසින් ඉල්ලා ඇත්තේ රුපියල් 700කින් ගෑස් පමණ මිල ඉහල දැමිය යුතු බවට යයිද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

Related posts

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Maimoonar

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Maimoonar

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Maimoonar

468 comments

Comments are closed.