February 12, 2026
Local NewsNews

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකට

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් හාර ලක්‍ෂ 57,840 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 33,017 දෙනෙකුට එම එන්නත ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

ඊයේ දිනයේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 5,229 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන නව ලක්‍ෂ 25,242 ක්. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,917 දෙනෙකුට මේ වනවිට ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයින් දහතුන් ලක්‍ෂ 97,999 දෙනෙකුට කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් දෙලක්‍ෂ 97,686 දෙනෙකුට ඊයේ දිනය වනවිට ලබාදී තිබෙනවා.

Related posts

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

Maimoonar

21 පරදවන්න ද්විත්ව පුරවැසි මෙහෙයුමක්… 2/3 නැති කරන්න මන්ත‍්‍රීන් අල්ලයි…

Maimoonar

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Maimoonar

784 comments

Comments are closed.