Local NewsNews

ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..

දැනට හිඟව පවතින ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ප‍්‍රංශයෙන් ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත.

ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකාව ප‍්‍රංශ බලධාරීන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර තිබේ.

මහාචාර්ය චන්න ජයසුමන සහ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය ඇමැතිවරුන් මෙම ඉල්ලීම කර ඇත. මේ සම්බන්ධයෙන් ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියද ප‍්‍රංශයේ විදේශ අමාත්‍යාංශයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ප‍්‍රංශ ජනපතිවරයාගේ ඉහළ පෙළේ නිලධාරියකුට ශ‍්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා සඳහා ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් මිලදී ගැනීම සඳහා වන ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර තිබේ.
එසේම තානාපති කාර්යාලය සහ රාජ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් එරට ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන සමාගමට ද මේ මිලදී ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාව ගැන සලකා බලා ශ‍්‍රී ලංකාවට මේ එන්නත ඉතා ඉක්මනින් ලබා දීමට ප‍්‍රංශ බලධාරීන් කටයුතු කරනු ඇතැයි ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට

Maimoonar

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

Maimoonar

ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…

Maimoonar

3 comments

Comments are closed.