February 26, 2026
Local NewsNews

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බවට සමාජ ජාලවල ආසන්න දින කිහිපයේදී වාර්තා පල විය.

නමුත් එම චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු සඳහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම තවමත් පාසල්වියේ දැරියන් බවයි.

ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය සමග පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

කොළඹ නගරයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම් අද සිට යළිත්

Maimoonar

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Maimoonar

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Maimoonar

11 comments

Comments are closed.