February 26, 2026
International NewsNews

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

ළමුන් සම්බන්ධයෙන් සිදු කරමින් පැවති ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ එය ලබාගත් පුද්ගලයින් ඇතැමෙකුගෙන් වාර්තා වූ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධතාවක් දක්නට ඇති බවට යුරෝපීය ඖෂධ නියෝජිතායනයේ නිලධාරියෙකු සිදු කළ පෞද්ගලික ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් සඳහන් කළේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත ළමුන්ට අනාරක්ෂිත බවට කිසිදු සාක්ෂියක් නොමැති වුව ද, විද්‍යාඥයින් විසින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතින බවයි.

ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් බ්‍රිතාන්‍යය විසින් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. එම පර්යේෂණාත්මක අත්හදා බැලීම් සඳහා, ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ අවුරුදු 06 සිට අවුරුදු 17 දක්වා වයස් කාණ්ඩවල ළමුන් යොදාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related posts

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් අතර ගැටුමක් – කොස්තාපල්වරයෙකුට පිහි ප්‍රහාරයක්

Maimoonar

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

Maimoonar

බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ මරලතෝනි ඇහෙනවා : විමල් වීරවංශ

Maimoonar

5 comments

Comments are closed.