February 26, 2026
International NewsNews

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

ඩුබායි හි වෙසෙන ලාංකිකයෙකුට ශ්‍රී ලංකා මුදලින් කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමින් මොහොමඩ් මිෂ්ෆක් වන ඔහු පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරනවා.

මොහු එරට මුදලින් ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කර ඇති බවයි සඳහන් වන්නේ.

නිවාඩුවක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින මොහු විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ටිකට් පත සඳහා 20 දෙනෙකු එක් වී ඇති බවයි.

ඒ අනුව ඔහුගේ කොටස ලෙස සඳහන් කර තිබෙන්නේ ඩිරාම් 600,000 ක්.

සිය පියාගේ ශල්‍යකර්මයකට විශාල මුදක් අවශ්‍යව තිබූ බවත් එය මෙම මුදල්වලින් සිදු කිරීමට හැකිවන බවත් ඔහු විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Maimoonar

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Maimoonar

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

Maimoonar