February 26, 2026
NewsPolitical

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

 ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක යෙදී සිටින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම අරගලය ආණ්ඩුව රැක ගැනීමට මිස ආණ්ඩුව නැති කිරීමට නොවන බවද ඇමතිවරයා පැවසීය.

69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීමටත් ඒ විශ්වාසය ඉදිරියටත් පවත්වාගෙන යාමටත් එම අරගලය සිදුකරන බවද ඇමතිවරයා පැවසීය.

20 සංශෝධනය තිබූ සමහර කරුණු ජනවරමට පටහැනි බවත් ජනවරම සුරකින්නේ නම් විසිවෙනි සංශෝධනය ඒ ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකි බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ජනවරම සුරකින්නේ නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම සඳහා සංකල්පයක් වත් පහළ විය නොහැකි බව ද ඔහු පැවසීය.

ජනවරමක් ඉන්නේ නමක් අපේ නීතිය රකින නිලධාරීන් හිංසනයට පත් කරන තීරණ දේශපාලකයන් නොගත යුතු බවද ඔහු පැවසුවේය.

අවිස්සාවේල්ලේදී පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

එම්.සී.සී. ගිවිසුමේ ඉරණම විසඳන්න තීරණාත්මක හමුවක්

Maimoonar

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Maimoonar

4 comments

Comments are closed.