January 23, 2026
Local NewsNews

රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් 19 යෙහිම පිහිටි නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට තිබෙන බව වාර්තා වෙයි.

ඊයේ(3) දින පස්වරුවේ සිට කෝවිඩි රෝගින් විද්‍යාපීඨ කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම අරඹා ඇති බව වාර්තා වෙයි.

විද්‍යාපීඨ නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගැනිම නිසා විද්‍යාපීඨ දෙවන වසර 2018 – 2020 කණ්ඩායමේ අධ්‍යන කටයුතු ඉදිරියටත් මාර්ගගත ක්‍රමවේදයන් මගින් සිදුකිරිමට නියමිත බව වාර්තා වෙයි.

අධ්‍යාපන විද්‍යාපීඨ සීමාවාසි පුහුනුව ලබන තෙවන වසර 2017 – 2019 කණ්ඩායමේ සීමාවාසි පුහුණුව ලබන ජුලි 31ට පෙර අවසන් කර තුන් අවුරුදු පුහුණු කාලසීමාව අවසන් කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Related posts

රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..

Maimoonar

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Maimoonar

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Maimoonar