32 C
Colombo
February 19, 2026
International NewsNews

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

 හමුදා පාලනයට එරෙහිව පෙළගැසී සිටින විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාරයේ පාලන තන්ත්‍රය මේවනවිට කටයුතු කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර නගර කිහිපයකදිම එරට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි. මහජන විරෝධතා පාලනය කිරීම සඳහා හමුදා පාලනය විසින් මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා ඇති අතර මහජන ඒකරාශී කිරීම් ද සීමා කර තිබෙනවා. 

එවැනි සීමා ක්‍රියාත්මක නගරවලටදී ඒකරාශී විය හැක්කේ පුද්ගලයින් 05 දෙනෙකුට පමණයි. ඒ අනුව අදාළ සීමා නොතකා ඒකරාශී වී හමුදා පාලනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින් විසුරුවා හැරීමටයි පාලනාධිකාරිය විසින් පොලීසියට උපදෙස් ලබාදී ඇත්තේ. එහිදී දෙපාර්ශවය අතර හටගත් ගැටුම්වලින් තුවාකරුවන් පරිසක් තුවාල ලබා තිබෙනවා. කුමන්ත්‍රණයකින් රාජ්‍ය පාලනය අල්ලාගෙන පසුව සිරගත කළ නායිකා අවුන් සාන් සුකී නිදහස් කරන ලෙසයි මියන්මාර විරෝධතාකරුවන් එරට හමුදා නායකයාගෙන් ඉල්ලා සිටින්නේ. 

Related posts

හමුදා ලොක්කෙක් ප‍්‍රසිද්ද පන්සලකදී බිරිදට පහර දෙයි..

Maimoonar

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණය

Maimoonar

IMF මීලග වාරිකය විදුලිබිල වැඩි කලොත් පමණයි.. ආර්ථික වේගය අඩු කරන්න ආණ්ඩු මොකටද..

Maimoonar

7 comments

Comments are closed.