Local NewsNews

කොළඹ හා ගම්පහ සම්පූර්ණයෙන්ම හුදෙකලාවෙන් නිදහස්

මේ වන විට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සම්පූර්ණයෙන්ම හුදෙකලා බවින් නිදහස් වී තිබෙනවා. ඒ, කොළඹ සහ ගම්පහ ඇතුලුව තවත් ප්‍රදේශ 10ක හුදෙකලා තත්ත්වය අද අළුයම 05සිට ඉවත් කිරීමත් සමගයි. බොරැල්ල පොලිස් වසමේ, ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත හා වේළුවන පාර යන ප්‍රදේශ හුදෙකලා බවින් මුදා හැර තිබෙනවා.

මීට අමතරව මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්ම මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලත් පාර සහ අකරගොඩ යන ප්‍රදේශවලද හුදෙකලා තත්ත්වය ඉවත් කෙරුණා. එමෙන්ම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලන දකුණ හා පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා තත්ත්වයද ඉවත් කර තිබෙනවා. 

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල යටතේ මැද පෙරදිග කලාපයට වැඩි ප්‍රමුඛතාවක් ලබා දී ඇති බවයි. 

කොරෝනා වෛරසය ආසාදනය වී නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්, එලෙස නිරෝධායනය වන කාල සීමාව දැන් අඩු වන්නේදැයි මෙහිදී විමසීමක් කළා. 

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඊයේ ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු දින ගණන දින 10කට අඩු කිරීමට අවධානය යොමුව ඇති බවයි. ඉතිරි දින 04 එම පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනයේ තැබීමටයි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇත්තේ. 

Related posts

දිට්වා ආපදාවෙන් විපත තීව්‍ර කළේ ආණ්ඩුවේ ‘සාපරාධී නොසැලකිල්ලයි’ – ජනාධිපතිට වසර 5ක සිරදඬුවමක් දිය හැකියි! – උදය ගම්මන්පිල

Maimoonar

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Maimoonar

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

Maimoonar