28 C
Colombo
July 8, 2024
Local News News

Online ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුව ඔන්ලයින් අධ්‍යාපනය න්‍යාමනය නොකරන්නේ මන්ද?

කොවිඩ් 19 සමාජ ගතවීම නිසා සියලු සමාජ පද්ධතින් බිද වැටිනි. එයින් ප්‍රදානම එකක් ලෙස පාසල් අධ්‍යාපනය ගත හැකිය. දරුවන්ට අධ්‍යාපනය ලබා දිම සදහා නුතන තාක්ෂණය යොදා ගැනිම උචිත වුවත් එයින් අතුරු ප්‍රශ්න රාසියක් මතුව ඇත. සමස්ථ රටේම තොරතුරු තාක්ෂණික මෙවලම් එක ආකාරයට දියුණු වි නොමැත. මේ නිසා දරුවන්ට උස් ස්ථාන වෙත ගොස් තම පෝන් හා ටැබ් යන්ත්‍ර සදහා සංඥා ලබා ගැනිමට කටයුතු කරන ආකාරය සමාජ මාධ්‍ය තුළ ඉතා සංවේදිව දැක ගන්නට ලැබිණි.

මෙම ඔන්ලියන් අධ්‍යාපනය අමානුෂික ව්‍යාපාරයක් බවට පුද්ගලික අධ්‍යාපන ආයතන සිදු කරන බව දැන් රට වටෙන්ම සිටින දෙමාපියන්ගෙන් ලැබෙන චෝදනාවකි.පෙරවරු 7 සිට රාත්‍රි 11,12 දක්වා දරුවන් යොදා ගනිමින් මෙම ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමට සැළසුම් කරයි. එක් පංති පැකේජයක් සදහා දරුවන් 800,ක් 900ක් සිටියි. එම නිසා දරුවෙක් කෙරෙහි කිසිම අවධානයක් නැත.මෙම ඔන්ලයින් අධ්‍යාපනය සදහා දරුවෙක් ගෙන් මිට පෙර ගත්ත පංති ගාස්තුවට සමාන මුදක් අදත් ලබා ගනියි. කොවිඩ් එන්නට පෙර පුද්ගලික අධ්‍යාපන ආයතනය පවත්වා ගෙන යාමට සේවයින්ට, ගොඩනැගිලි ගස්තු ද, ශබ්ද විකාශන ගාස්තු ද එම ගුරුවරුන්ට දරන්නට සිදු වෙයි. එහෙත් ඔන්ලයින් අධ්‍යාපනය තුළ මේ කිසිවක් දරන්නට ගුරුවරුන්ට සිදු වන්නේ නැත. එහෙත් දරුවන්ගේ මිට පෙර ගත්ත මුදළට සමාන මුදල් වැය කරන්න සිදුවෙයි. දරුවෙකුට පැයකට ඩේටා රුපියල් 100ක් නම් උසස් පංතියක් පැය 3ක් පංති සිදුකරයි. දවසකට පැය 6ක් පංති කරයි නම් ඩේටා සදහා රු.600ක් ද දරුවන් දෙදෙනෙක් සිටින පවුලක් සදහා රැ.1200 වැය වෙයි. ටියුට් ලබා දීමට පංති ගාස්තුවලට අමතරව රැ.200ක් ගෙවන්න සිදුවෙයි.මේ නිසා දෙමාපියන්ට පංති ගාස්තුවට සමාන මුදලක් වැයකරන්නට සිදුව ඇත.

මෙම ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. මානසික වෛද්‍යවරුන් කියා සිටින්නේ විනාඩි 20 කින් දරුවන් වෙනත් දෙයකට යොදවා නැවැත ඔන්ලයින් පංතියට යොමු කරන ලෙසයි. එහෙත් එක දිගට කුඩා ස්මාට් පොන් එකක් දෙස බලාගෙන සිටින්න සැළස්විම මගින් දරුවන්ගේ මානසික සෞඛයට අති සෙයින්ම බලපායි. ඩේටා රාත්‍රි කාලය ලාබ නිසා රාත්‍රි කාලයේ පංති සිදු කරයි. පංති අවසන් වෙන විට දෙමාපියන් නින්දට ගොසින්ය. දරුවා පංති අවසන් කිරිමෙන් පසුවද අන්තර්ජාලය සමගම සෙල්ලම් කරයි. යාළුවන් සමග ජායාරුප හුව මාරු කරගනියි. රටේ අනාගතය දරුවන් මානසික ආබාදවලින් යුක්ත දරුවන් රටේ කොවිඩ් 19ට වඩා බරපතල විය හැකිය. එම නිසා ආණ්ඩුව ඕන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව වහාම මැදිහත් වියයුතු අතර ඊට අවශ්‍ය න්‍යාමනයන් ඇතුලත් කරන්න වහම නෛතික පියවරයන් ගතයුතු කාලය එළඹ ඇත.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්යේ අවුරුදු 18 අඩු ළමයින්ට නිදහස් අධ්‍යාපනය දෙනබවට පොරොන්දුවක් ලබා දි ඇත.එහෙත් අද මෙම තත්වය මුදල් හිමි පංතියට පමණක් සිමා වු ඉගෙනුම් ක්‍රමවේදක් ඇතිව ඇත. එසේම රටේ ආනගත පරපුර මන්දමානසික ජාතියක් වන අතර කිසිම නිර්මාණත්මක භාවක් ද සහමුහිකව ජිවත් විමේ ඇති වටිනා කම මෙම ක්‍රමයෙන් උදා වන්නේ නැත. එම නිසා ආණ්ඩුව වහම මැදිහත් වි මෙම ඔනලියින් තාක්ෂණික ඉගෙනුම් ක්‍රමය විධිමත් පටිපාටියකට ගෙන නීති හදන ක්‍රමවේදයක් කරා වහාම පියවර ගැනිමේ අවශ්‍යතාවය එළඹ ඇත

බුදුගල ජිනවංස හිමි
සභාපති

Related posts

කළු දිලීර රෝගය බෝවන අයුරු මෙන්න.. මරණ අනුපාතය 70% තරම් ඉහලයි..

Shiran Viraj

නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..

Shiran Viraj

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

Shiran Viraj

Leave a Comment