NewsSportsSports News

ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තමන් සම්බන්ධයෙන් ගත් තීරණයට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට අනුව චෝදනා 3 කට ඔහු වැරදිකරු බවට සනාථ වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.

ඒ, ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුවයි. කෙසේවෙතත් එම විනිශ්චය සභාවේ සාමාජිකයෙකු තමන් වැරදිකරු නොවන බව ප්‍රකාශ කර තිබූ බවයි ඕස්ට්‍රේලියාවේ සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් දිල්හාර ලොකුහෙට්ටිගේ කියා සිටියේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව චෝදනා ගොණුකර ඇත්තේ ක්‍රිකට් ආයතන දූෂණ මර්දන පනතේ වගන්ති 3 ක් උල්ලංගණය කිරීම හේතුවෙන්. 2017 වසරේ පැවති අබුඩාබි  ටී – ටෙන් තරගාවලියට අදාළව මෙම චෝදනා ගොණුකර ඇති අතර ඊට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළා. ඉදිරි මාස කිහිපයේදී මෙහි සත්‍යතාව මෙරට ජනතාවට දැන ගත හැකි බවයි දිල්හාර ලොකු හෙට්ටිගේ සදහන් කළේ.

Related posts

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Maimoonar

‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..

Maimoonar

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Maimoonar

2 comments

Comments are closed.