January 29, 2026
NewsPolitical

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටද කොරෝනා වෛරසය ආසාදනය වී  තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරු සංඛ්‍යාව 07ක්. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත පැවසුවේ පාර්ලිමේන්තුව තුළ පී සී ආර් පරීක්ෂණ 1,400කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

පාර්ලිමේන්තු සංකිර්ණයේ සිදු කළ පී සී ආර් පරීක්ෂනයේදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වූ බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

කෙසේවෙතත් ඉකුත් සෙනසුරාදා තමන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රීක්කවල කිතුල් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට එක්වූ බවත් අනතුරුව එදින රාත්‍රීයේ තමන්ට උණ රෝගය වැළදුනු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළා.

Related posts

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Maimoonar

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

Maimoonar

ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවට

Maimoonar