NewsPolitical

ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේද පැවති යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්තියම බව ද ඔහු සඳහන් කළේ ය.

අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් යැයිද ඔහු තවදුරටත් පැවසීය.

Related posts

පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..

Maimoonar

දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…

Maimoonar

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

Maimoonar

4 comments

Comments are closed.