NewsPolitical

අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනවාරි මස 08 වැනිදා කුමාරසිරි හෙට්ටිගේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට  පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන ඇත.

එම ආශ්‍රීතයින් නිරෝධායනට යොමු කිරීමට සහ PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ලේකම්වරයා ගැවසුණු ප්‍රදේශ විශබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති අතර රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවයි වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු   වැඩිදුරටත් සඳහන් කලේ.

Related posts

මාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුර

Maimoonar

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Maimoonar

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…

Maimoonar