February 26, 2026
Local NewsNews

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

බස්නාහිර මෙන්ම දකුණු ප්‍රදේශයේද මේවන විට තැනින් තැන වාර්තාවන කොවිඞ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළයාමත් සමග ජනතා ඒකරාශී වීම් හැකිතාක් මඟහරිමින් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

ඇතැමුන් රජය මගින් සිදුකරන දැනුවත් කිරීම් නොසලකා හරිමින් සිය දුවා දරුවන් උපකාරක පන්ති වෙතද යොමුකිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති හෙයින් මීළඟ කොවිඞ් පොකුර උපකාරක පන්ති ආශ්‍රයෙන් වුවද හට ගැනීමේ හැකියාවක් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.


එයට හේතුව වී ඇත්තේ සෞඛ්‍ය අංශ මගින් නිකුත්කර ඇති සෞඛ්‍ය නිර්දේශ නොතකමින් මේවන විට ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට ඇතැම් ගුරුවරුන් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් සිටීමයි.


කොවිඞ් වසංගතය හමුවේ සමූහයක් ලෙස ඒකරාශී වීම දැඩි අවදානම් තත්ත්වයක් වුවද, එය නොතකා හරිමින් ඇතැම් පෞද්ගලික උපකාර පන්ති පවත්වනු ලබන ගුරුවරුන් මෙන්ම ඇතැම් දෙමව්පියන්ද වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවද ඒ ඒ ප්‍රදේශවලින් වාර්තා වේ.


පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පාලනාධිකාරයන් තම දේශපාලන හා මුදල් බලය පදනම් කරගනිමින් සෞඛ්‍ය අංශ නිර්දේශ මායිම් නොකරමින් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ලැබේ.


මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරින්ගෙන් අප කළ විමසීමකදී එහි සාමාජිකයකු ප්‍රකාශ කර සිටියේ රටේ පවතින තත්ත්වය හමුවේ කිසිදු අවස්ථාවක පෞද්ගලික උපකාරක පන්ති පැවැත් වීම සඳහා අවසර ලබා දී නොමැති බවයි.


යමෙක් සෞඛ්‍ය නිර්දේශ නොතකමින් කටයුතු කරන්නේ නම්, එහි වගකීම අදාළ ආයතන විසින්, ගුරුවරුන් විසින් හෝ එම උපකාරක පන්ති සඳහා දරුවන් යොමුකරන දෙමව්පියන් හෝ වැඩිහිටියන් විසින් බාරගත යුතු බව ද අදාළ සෞඛ්‍ය අංශ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

aanduwa.lk news

Related posts

ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැතිවුනාට වෙන කෑල්ලක් පුපුරනවා.. ජනතාව බයෙන් ඉන්නේ…

Maimoonar

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Maimoonar

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

Maimoonar

1 comment

Comments are closed.