February 26, 2026
International NewsNews

කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.

සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව වෛරසයෙන් වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට මොස්කව් අගනුවර සායන මගින් මෙම එන්නත, එන්නත් කිරීම සිදු කරනු ඇති. මෙලෙස ජනතාවට එන්නත් කරන්නේ ස්පුට්නික් V නම් එන්නතයි.

රුසියානු විශේෂඥයින් පවසන්නේ මෙම එන්නත සියයට 95 ක ඵලදායිතාවක් පෙන්නුම් කරන බවයි. එමගින් විශාල අතුරු ආබාධ ඇති නොවන බවද ඔවුන්ගේ අදහසයි.

මෙම සති අන්තයේ දී අදාල එන්නතෙන් පළමුවැන්න ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් දැනටමත් ලියාපදිංචි වී අවසන්. එහෙත් රුසියාවට කොපමණ එන්නත් ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිද යන්න මේ දක්වා ප‍්‍රකාශ කර නැහැ. එන්නතේ නිෂ්පාදකයින් ද අපේක්ෂා කරන්නේ වසර අවසාන වන විට එන්නත් මාත‍්‍රා මිලියන 2 ක් නිෂ්පාදනය කළ හැකි වනු ඇති බවයි. කෙසේවෙතත් පාසැල් හා සෞඛ්‍ය සේවයේ නියුතු මිලියන 13 ක ජනතාවට සහ සමාජ සේවකයින්ට එන්නත ලබා දීමටයි එරට බලධාරීන් දැනටමත් සැලසුම් කර ඇත්තේ.

gagana news

Related posts

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

Maimoonar

බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..

Maimoonar

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Maimoonar

6 comments

Comments are closed.