Local News News

සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

සිංහලයාගේ ඡන්ද බලයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරන්නට එපා යැයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ කියා සිටිති.

මේ වන විට ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී අවසන් බව පවසන උන්වහන්සේ සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් වී එය නොතකමින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළහ.

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයෙන් සලකා ඔවුන්ගේ දේහයන් එම ආගමානුකූලව භූමදානය කිරීමට කටයුතු කරන්නේ කුමන පදනමින්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙරට සෙසු ආගමිකයන් ද තම ආගමිකයන්ගේ දේහයන් ආදාහනය කරද්දි එම නීතියට අනුකූලව කටයුතු කළ බවද පැවසූ උන්වහන්සේ එක රටක් එක නීතියක් සංකල්පය අන්තවාදීන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරති.

lankacnews

Related posts

අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

Shiran Viraj

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

Shiran Viraj

අවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj

1 comment

Comments are closed.