February 26, 2026
International NewsNews

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

යුරෝපා රටවල නැවතත් පැතිර යන කො⁣රෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මියගොස් ඇත්තේ ඉතාලියේ මිලාන් නගරයේ පදිංචි ලාංකික පිරිමි පුද්ගලයෙකු හා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වාසය කළ ලාංකික කතුන් දෙදෙනෙකි.කොරෝනා වයිරසය ආසාදන වීමෙන් පසුව මොවුන් තිදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබා සිටියදී ඇතිවූ සංකූලතා මත මොවුන් තිදෙනා පසුගිය සති අන්තයේදී ජීවිතක්ෂයට  පත්ව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සීටී.

මිලාන්හි දී මියගිය ලාංකිකයා කුරුණෑගල  ප්‍රදේශයේ පදිංචි , වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ  ජිවත් වු ශ්‍රීලාල් හේරත් නැමැති 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

මිලාන් හීදී මියගිය  ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස තුළම නිරෝධායනට ලක් කර ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුකූලුව සිදු කිරිමට  මිලාන් නගර සභා සෞඛ්‍ය  කාර්යාලය පියවර ගැණිනි.ලන්ඩනයේදී ජීවිතක්ෂයට පත්වූ ලාංකික කතුන් දෙදෙනාද කලක පටන් එරට වාසය කරන ලාංකිකයින් වෙති.මෙම කතුන් දෙදෙනා ගෙන් එක් කාන්තාවකගේ සැමියාද කොරෝනා වයිරසය ආසාදනය වී අසාධ්‍යව ලන්ඩන්යේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ලත් සමග වැඩිම ආසාදිතයන් වාර්තා වන ලොම්බාර්දියා ප්‍රාන්තයට අයත් මිලාන් නගරය ආශ්‍රිතව ජීවත් වන ලාංකිකයන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත් ඔවුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් හැකි ආකාරයෙන් සොයා බලමින් තිබෙන බව කොන්සල් ජනරල් කාර්යාලය මේ සම්බන්ධයෙන් විමසිමේදී වැඩිදුරටත් පැවසීය.මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි කොරෝනා රැල්ලත් සමග එම වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් එරට ඊයේ (02) සිට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගත්තේය.කොරෝනා පළමු රැල්ලේ දී එම වයිරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 30 කට වැඩි පිරිසක්ද මීට පෙර ජීවිතක්ෂයට පත්වූහ.lankaleadnews

Related posts

කොළඹ උද්ධමනය 2.1%ක ස්ථාවරත්වයක්: ආහාර මිල අඩුවේ, ආහාර නොවන මිල වැඩිවේ

Maimoonar

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

Maimoonar

හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

Maimoonar