February 26, 2026
Local NewsNews

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වූවත් ඔවුන් බෝගම්බර සහ පල්ලන්සේන බන්ධනාගාර වලට යොමු කිරීමට තීරණය කර තිබේ.

දැනටමත් නිදන්ගත රෝග ඇති පිරිස් හා වියපත් පුද්ගලයන් වෙනම රැුදවීමටද පියවර ගෙන තිබේ.

එම බන්ධනාගාරයේ සිරකරුවන් ලියා පදිංචි කරන කාන්තා නිලධාරිනියක්, කාන්තා සිරකාරියන් තිදෙනෙකු පිරිමි සිරකරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී තිබිණි.

මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිරකරුවන් පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිතව හෙලි කර ගැනීමට හැකි වී නැත.

මෙම් තත්වය සමගින් වැලිකඩ බන්ධනාගාරයේ රැුදවියන් අධික ලෙස බියපත්ව සිටින්නේ යයිද වාර්තා වෙයි.

lankacnews

Related posts

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

Maimoonar

මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..

Maimoonar

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Maimoonar

115 comments

Comments are closed.