February 26, 2026
Local NewsNews

ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..

හැටන් මහජන වෙලදපොල භුමියේ සෞඛ්‍යය නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (02)   දින හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් භාරයට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කලහ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හැටන් මහජන පොල භුමියෙන් හමුවිමත් සමග මහජන වෙලදපොල තවදුරටත් වසා දැමිමට සෞඛ්‍යය අංශ උපදෙස් ලබා දි එම මහජන වෙලදපොලේ සියළුම වෙලදසැල් වසා දමා තිබියදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් එම වෙලදපොල භුමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා එම ස්ථානය ගොස් එම වෙලදසැලේ සිටි ව්‍යාපාරිකයන් දෙදෙනා ඔහු භාරයට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත.

තවද සෞඛ්‍යය නිරෝධානය උපදෙස් නොපිලිපදිමින් හැටන් නගරයේ පදික වේදිකාවේ එලවළු වෙලදාම් සිදු කල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පලවා හැරිමට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ කටයුතු කලහ.

lankacnews

Related posts

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

Maimoonar

IMF ණය වාරිකයේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟ වෙයි

Maimoonar

ඩොලර් නෑ.. අද අප ඉන්නේ ගමනක කෙලවරයි.. කැමති වුනත් නැතත් ආනයන සීමා කරන්නම වෙනවා…

Maimoonar

6 comments

Comments are closed.