International NewsNews

ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රියාව අගුළු දැමීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

වියානා අගනුවර පිහිටි යාච්ඤා මධ්‍යස්ථානයක් අසල පළමුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇත. එහිදී ඔවුන් ස්වයංක්‍රිය තුවක්කු යොදා ගෙන ප්‍රහාර එල්ල කොට තිබෙන අතර එක් ත්‍රස්තවාදියෙකු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගෙන ඇති බවයි වියානා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම පිරිස වියානා අගනුවර ස්ථාන 06කදී ප්‍රහාර එල්ල කොට තිබෙන බව සඳහන්.

මේ වන විට ප්‍රහාරයට පැමිණි සෙසු ත්‍රස්තවාදීන් සොයා වියානා පොලිසිය සහ විශේෂ බළකාය මෙහෙයුමක් දියත් කොට තිබෙන අතර ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පිරිසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

nethnews

Related posts

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

Maimoonar

ආරක්ෂක ලේකම් රචිත ‘‘පාතාලයෝ’’ නව කතාව සහ ‘‘ගෝඨාභය’’ ග‍්‍රන්ථයේ ඉංගී‍්‍රසි අනුවර්ථන කෘති ජනාධිපති වෙත

Maimoonar

පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාර

Maimoonar

2 comments

Comments are closed.