NewsPolitical

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නියැලී තිබේ.

අද (30) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා මුණගැසී නිල වශයෙන් සිය සේවය සැළ කර සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී නව පොලිස්පතිවරයාට සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ පොලීසියේ වර්තමාන කාර්යභාරය පිළිබඳ විමසා තිබේ.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඉටුකරන කාර්යභාරය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම පිළිබඳවත් නව පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරේ වසර එක හමාරකට ආසන්න කාලයක් කටයුතු ආවරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

සහල් පාලන මිල 275 කරන්නැයි කියති.. නැතොත් සහල් උග‍්‍ර හිගයක්.. වී කිලෝව 150යි..

Maimoonar

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Maimoonar

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..

Maimoonar

1 comment

Comments are closed.