January 8, 2026
Local NewsNews

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ප‍්‍රදේශයේ ඉකුත් 26 වනදා සිදුකළ අහඹු පී සී ආර් පරීක්‍ෂාවකදීයි සැරයන්වරයාට වෛරසය තහවුරු වී ඇති බව අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් ඔහු අවසන් වරට සේවයට වාර්තා කර ඇත්තේ ඉකුත් 24 වනදායි. එදින ඔහු සමග රාජකාරී කළ තවත් නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ගොස් සිටි නිලධාරියෙකුද ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

nethnews

මේ අතර බන්ධනාගාර මුලස්ථානයේ අහඹු පී සී ආර් පරීක්‍ෂණ සිදුකර තිබෙනවා. බන්ධනාගාර උසස් නිලධාරීන් පිරිසක් ද පී සීආර් පරීක්‍ෂණ සදහා යොමු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Related posts

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදා

Maimoonar

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Maimoonar

ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..

Maimoonar