බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.
කොළඹ කොටුව පොලීසියේ ද තවත් 17 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිත නිලධාරීන් ගණන 180කි.
එමෙන්ම තවත් නිලධාරීන් 257ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.
දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට කොවිඩ් -19 වෛරස ආසාදිත නිලධාරීන් 297ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ (04) කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 33ක් වාර්තා වී තිබුණි.
ඉන් 06ක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් ය.
මොවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ය.
adaderananews
1 comment
jazz september