Local NewsNews

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ එය දිනකදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය වැඩිම ගණන බවය. 

ඒ අනුව, මෙරට තුළ සුවය ලැබු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 6,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මෙරට තුළ සුව වූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් තිබේ.

ගල්ලෑල්ල, ඇඹිලිපිටිය සහ කහගොල්ල යන ප්‍රතිකාර මාධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලැබු 341 දෙනෙකු ඇතුළු දිවයින පුරා පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් 26ක නේවාසිකව සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා තිබේ.

සමස්ථ රෝගීන් 12,187 දෙනාගෙන් 6,623 දෙනෙක් සුවයලබා ඇති අතර තවත් 5,540 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මීට පෙර වැඩිම දෛනිකව සුවවූ ගණන වුවේ 506කි.

එය පසුගිය 01 වැනිදා වාර්තා විය.

adaderananews

Related posts

ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි

Maimoonar

ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

Maimoonar

හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්

Maimoonar