Local NewsNews

කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ පා සිටින බව රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් පවසනවා. නේවාසිකාගාර පහසුකම් නොමැතිව පිටස්තර නිවාසවල නවාතැන් ගෙන සිිටින ඇතැම් සිසුන්ට එම නිවාසවලින් බැහැර වන ලෙස ඇතැම් නිවාස හිමියන් දැනුම් දී ඇති බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිිරිසක් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුජීව අමරසේනගෙන් නෙත් නිවුස්, කරුණු විමසා සිටියා. නවාතැන් පහසුකම් පිළිබඳ ගැටළු පවතින සිසුන් ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුවත් කළහොත්, නේවාසිකාගාර පහසුකම් ලබා දීමට තීරණයක් ගෙන ඇති බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…

Maimoonar

ජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….

Maimoonar

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Maimoonar

9 comments

Comments are closed.