February 26, 2026
Local NewsNews

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින් – පොලීසියෙන් 91ක්

ඊයේ (10) දිනයේ දී ආසාදිතයින 430ක් වාර්තා වු අතර ඉන් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 

එලෙස වාර්තා වී ඇති ආසාදිතයින් 251ක් දෙනා අතරින්, කොල්ලුපිටියෙන් 55ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 32ක් හා 25 දෙනෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

මේ අතර ඊයේ දිනයේ දී ආසාදිත පොලිස් නිලධාරීන් 91 දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඉන් 82 දෙදෙනෙක් කොටුව පොලිස් ස්ථානයෙන් වාර්තා වී තිබේ.

බෝගම්බර බන්ධනාගාර ආශ්‍රිතව 23 ක් කුරුවිල බන්ධනාගාරයෙක් එක් ආසාදියෙක් ඊයේ හඳුනාගෙන ඇත.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18ක්, කළුතරින් 16ක්, පුත්තලමෙන් 6ක්, රත්නපුරයෙන් 8ක්, මහනුවරින් 4ක්, කෑගල්ලෙන් 7ක් ලෙස ද වාර්තා වේ.

මීට අමතරව ගාල්ලෙන් ආසාදිතයින් 2ක් හා මඩකලපුවෙන්, ත්‍රිකුණාමලයෙන් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.

ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.

adaderananews

Related posts

පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…

Maimoonar

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Maimoonar

නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්

Maimoonar