February 26, 2026
Local NewsNews

ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි

ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උසස් වීමක් ලෙස ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බව මෙහිදී විපක්ෂයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බව ද මෙහිදී අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට කියා සිටියා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩු වී සිටිය අවස්ථාවේදී බවයි.

මේ වන විට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බවයි අමාත්‍යවරිය පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.

Related posts

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයි

Maimoonar

දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

Maimoonar

ගෑස් මිල 300කින් ඉහලට…?

Maimoonar

27 comments

Comments are closed.