February 26, 2026
NewsPolitical

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

ඇඳිරි නීතිය ඉවත් කිරිමේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවත් ඊට යොමු කොට සිටින පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට දැන්ම වැඩපිළිවලක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවට වන පණිවිඩය පැහැදිලිවම ඊට යොමු කොට සිටින පිරිස් වෙත ලබා දියයුතු බවයි.

මේ වන විට ඇඳිරි නීතිය පනවා තිබෙන නිසා නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින අයවළුන් එළියට නොයන බවත් ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුවද නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් එය කඩ නොකොට සිදුකරගෙන යන ආකාරය ගැන ඉදිරි දින කිහිපය තුලදී නිසි වැඩපිළිවලක් සකස් කළ යුතු බවට මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් වෙත උපදෙස් ලබාදුන්නා.

nethnews

Related posts

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Maimoonar

මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්

Maimoonar

බැක්සයිඩ් CD සමග හිරුණිකා ජාත්‍යන්තරයට යයි..

Maimoonar

1,095 comments

Comments are closed.