28.5 C
Colombo
August 11, 2026
NewsPolitical

කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

එමෙන්ම ඔහු ප්‍රබල ඇමති ධූරයකද ඉන්පසු දිවුරුම් දෙනු ඇතැයි එම වාර්තාවන්හි සදහන් කර ඇත.

ඒ මහතාට පාර්ලිමේන්තු පිවිසීමට ඉඩකඩ සලසා දීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා දිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

අද ලංකාදීප පුවත්පතද වාර්තා කර ඇත්තේ ජයන්ත කැටගොඩ මහතා අද හෝ හෙට දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් කියා සිටියේ අද දිනයේ හෝ ආසන්න දිනයක එවන් සූදානමක බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේ යයි තහවුරු කල නොහැකි බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වී වෙනත් අයෙකු එම ධුරයට දිවුරුම් දීමේ වීමේ ක්‍රියාවලියට අවම වශයෙන් දින තුන හතරක් ගත වුනු ඇති බවයි.

පවතින තත්වය මත එය සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

lankacnews

Related posts

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

Maimoonar

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

Maimoonar

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Maimoonar

680 comments

Comments are closed.