Local NewsNews

සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඔහු අමාත්‍යාංශයේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කරන අයෙක් බව වාර්තා වෙයි.

මෙම සේවකයා කිහිප දෙනෙකු එක්ව ආහාර ගෙන ඇතැයිද සඳහන්ය. ඔවුන්ද ඇතුළුව ඔහු සමග සමීපව කටයුතු කරන ලද පිරිස නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල විෂබීජහරණය ලක් කිරීමට කටයුතු සූදානම් කරමින් ඇත.

මෙම ආසාදිතයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් බොහෝ දෙනකුගේ කාර්යාල කාමර යන්නට පිවිසෙන පුද්ගලයෙකු බවද තවදුරටත් දැනගන්නට තිබේ.

lankacnews.com

Related posts

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

Maimoonar

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Maimoonar

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Maimoonar

6 comments

Comments are closed.