February 26, 2026
Local NewsNews

විස්සේ විවාදය අද දෙවන දිනටත් – ඡන්දය රාත‍්‍රියේ

අද පස්වරුව තෙක් විවාදය පැවැත්වෙන අතර රාතී‍්‍ර 07 යි 30 ට ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ද සමගින් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත සඳහන් කළා.

අද පස්වරුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරන බවයි විපක්ෂය පවසන්නේ.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව අද පැවැත්වෙන ඡුන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු පනත් කෙටුම්පතට විරුද්ධව ඡුන්ද ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එමෙන්ම විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගංගා රැසක් ඉහලට.. පහත් බිම් අවදානමේ..

Maimoonar

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

Maimoonar

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Maimoonar