Local NewsNews

විදේශ ගතවීමට වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ ගාල්ලේ පුද්ගලයෙකුට කොරෝනා : වෛරසය ආසාදනය වූ අයුරු ගැටළුවක්

විදේශගතවිම සදහා විසා ලබාගැනිමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදුකරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ කදී අක්මිමන, තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයකුට නව කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

මෙම පුද්ගලයා විදේශගතවිම සදහා බලාපොරොත්තුවෙන් සිටි අයෙක් වන අතර විසා ලබාගැනිම සදහා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය පරික්ෂණයක් සිදුකරගෙන ඇත. එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි මෙම පුද්ගලයාට කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත ඊයේ (28) රාත්‍රියේදීම පිටත්කර යැවිමට කටයුතු කළ බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියේ.

මෙම පුද්ගලයා කොළඹ නැව් තටාකාංගන, මිනුවන්ගොඩ ඇගලුම්කම්හල් පොකුරට හා පැළියගොඩ මත්ස්‍ය අලෙවිසැලේ පොකුරට අයත් නොවන අයෙකු බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

” මෙම පුද්ගලයා පදිංචි නිවසේ සාමාජිකයින් 07 දෙනෙකු පදිංචිවෙලා ඉදලා තියෙනවා. මෙම පුද්ගලයාගේ සහෝදරයක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වි එම නිවසට පැමිණ තියෙනවා. ඔහු නිවසට එවිමට පෙරසිදුකළ  පි.සි.ආර්. පරික්ෂණය නෙගටිව් විම නිසා තමයි නිවසට එවලා තියෙන්නේ. මොහුගෙන් මෙම පුද්ගලයාට අසාදනය වුනාද කියලා පරික්ෂා කළ යුතුයි. දැනට මොහුට කොරෝනා වෛරසය ආසාදනය විම ගැන මුලාශ්‍රය සොයාගෙන යනවා. තම සහෝදරයාගේ ආශ්‍රිතයෙක්ද කියා සොයාගැනිම සදහා ඔහුගේ අද දින පි. සි.ආර්. පරික්ෂයක් සිදුකරණවා. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයාගේ මවත් කැම ඉවිම සදහා යන කාන්තාවක් නිසා ඇයගේ ද පි. සි.ආර්. පරික්ෂණය අද දින සිදුකරණ” බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

Maimoonar

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

Maimoonar

මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..

Maimoonar

49 comments

Comments are closed.