29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

දඹුල්ලේ නිවසට ගිය මිනුවන්ගොඩ ඇගළුම්හල් සේවකයාට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතු සිට නිවසට නිවාඩු පැමිණ හදිසියේ රෝගා බාධයකට ලක්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටී සිටි සේවකයෙකු සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක අද (06) තහවුරු කර තිබෙනවා.

මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.

මෙම රෝගියා ප්‍රතිකාර ලබාදීම සඳහා සුදුසු රෝහලකට මාරුකර යැවීමට මේ වන විට සූදානම් වන බවයි දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය 03 වෙනිදා සිය ආයතනය සිට නිවාඩු ලබා මගී බස් රථයකින් දඹුල්ලට පැමිණ දඹුල්ල නගරයේ බස් නැවතුම්පොලේ වේලාවක් ගත කොට වෙනත් බස් රථයකින් විල්ගමුව ප්‍රදේශයේ තම නිවසට ගොස් සිටියදී හදිසියේ රෝගාතුරවී 1990 ගිලන් රථයකින් ඊයේ (5) දින දහවල් දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම රෝගියා කොවිඩ් 19 ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග මේ වන වනවිට ලග්ගල, විල්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත්කර ඇති බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ. ඔහු ඇසුරු කළ හා පවුලේ පිරිස් පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ බලධාරීන් දැනුවත් කළ බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

Maimoonar

සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Maimoonar

විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..

Maimoonar