29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන් කිරීමට අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ජාවකදී තීරණය කොට තිබෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හට PCR පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර සිටින්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනයට, මැඩපැවැත්වීමට සහ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

එහිදී ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගත් සැළසුම් සහගත වැඩසටහනක් කඩිනමින් සකස් කර ක්‍රියාවට නංවන ලෙසත්, දැනට රසායනාගාර තුල සිදු කරන PCR පරීක්ෂණ සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබදවද සාකච්ජා කෙරුණා.

ඒ අනුව මෙම සාකච්ඡාවේ දී ගනු ලැබූ තීන්දු 06ක් පහතින් දැක්වේ,

01. මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සදහා යොදා ගැනීම.

02. කොවිඩ්-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරික්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම.

03. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුලුව 2000 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම.

04. ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීම.

05. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිබල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම.

06. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ එම කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හා උපකරණ හිඟයකින් තොරව ලබාදීම.

මිට අමතරව දිස්ත්‍රික්කයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරිම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදවීම හා ඔවුන්ගේ ආරක්ෂාව, රෝහල්වල බාහිර රෝගී අංශවලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, සාම්පල පරීක්ෂාව පුළුල් කිරීම, රෝගීන් හා අනෙක් පුද්ගලයින් අතර සම්බන්ධතා සොයා ගැනීම, පුද්ගලයින් නිරෝධානය, හුදෙකලා කිරීම හා ඊට අදාල ක්‍රමවේදයන් පිළිබදව ද සාකච්ඡාවට ලක් කෙරුණා.

කිසියම් පුද්ගලයෙක් වෙත උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුවසැරිය” 1999 සෞඛ්‍ය උපදෙස් සේවාව හා සම්බන්ධවී වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්

Maimoonar

රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..

Maimoonar

කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

Maimoonar

22 comments

Comments are closed.