Local News News

කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනිය

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙතගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියි.

අමාත්‍යවරිය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,

” සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටියි.

ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි.”
(under the courtesy of nethnews.lk news web)

Related posts

සමගි ජන බලවේගය ආර්ථිකය භාර දෙන්නේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන අයටයි..

Shiran Viraj

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Shiran Viraj

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

Shiran Viraj

106 comments

Comments are closed.