NewsPolitical

විග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයි

සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රධාන මහා ඇමතිවරයාව සිටි කාලයේ දී ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම පැවති ජන හමුවක් අමතමිනි.

ඒ සඳහා උපාය මාර්ගිකව අවශ්‍ය වන යෝජනා 27ක් සම්මත කරගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

විග්නේෂ්වරම් මහතා මහ ඇමැති ධුරය දැරූ වසර පහක කාලයේ දී මෙම යෝජනා සම්මත කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම සියළු යෝජනා සම්මත කරගෙන ඇත්තේ සිංහලයන්ට එරෙහිව බවද පැවසූ ඔහු සිංහල නායකයන් සැලසුම්සහගතව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බව ඉන් එක් යෝජනාවක් යයිද කියා සිටියේය.

එමෙන්ම සිංහල දේශපාලනඥයන් සැලසුම් සහගතව දෙමල කාන්තාවන් වඳභාවයට පත් කිරීම කලේ යයිද යෝජනාවක් සම්මත කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

නමුත් මෙම කිසිදු යෝජනාවක් පැවැති යහපාලන රජය විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකළ බව ද ඔහු කියා සිටියේය.

lanka lead news

Related posts

ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

Maimoonar

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

Maimoonar

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

Maimoonar

1 comment

Comments are closed.