32 C
Colombo
February 19, 2026
Local NewsNews

රියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට නියමිතය.

පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාවට භාරදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව පසුගිය ජුලි මස 01 වනදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී පවත්වා තිබේ.

එහිදී අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ක්‍රියාකාරි සැලසුම් පරීක්ෂා කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යාමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය තුළින් යුද හමුදාව ජාතික තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කරමින් රටේ අනාගත ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් සඳහා සහයවිමේ හැකියාව පිළිබඳව ද කරුණු සාකච්ඡා වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ ය.

lanka lead news

Related posts

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

Maimoonar

ලොකුගේ අතදමා පිලියන්දල ලොක්ඩවුන් අරී… සෞඛ්‍ය ප‍්‍රධානී දැඩි විරෝධය.. රෝගීන් නිවසේම මියෙනු ඇතැයි කියයි..

Maimoonar

කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..

Maimoonar

932 comments

Comments are closed.