February 26, 2026
Local NewsNews

ද්විත්ව පුරවැසියන්ට මේ රටේ තීරණ ගන්න ඉඩ දෙන්න බෑ – 20 ගැන මිනිස්සු අහනකොට උත්තර නැති වෙනවා- මැදගොඩ අභයතිස්ස හිමි

20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී  69 ලක්ෂයක ජනවරම ගොඩනැගීමට දායක වූ ජාතික බලවේග නියෝජනය කරන තමන් අපහසුතාවයට පත්වෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අර්ජුන මහේන්ද්‍රන් වැනි පිටරැටියන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමෙන් සිදු වූ අනර්ථය තේරුම් ගත යුතු බවත්,  දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හැදීම සහ තීරණ ගැනීමට  ඉඩ නොදිය යුතු බවත්, රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත්, ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.

කොළඹ පැවති උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

lanka lead news

Related posts

මහනුවරින් දිලුම් පළමු තැනට

Maimoonar

පෝට් සිටිය ඇමරිකානුවකුගේ පාලනයට යටත් නොවිය යුතුයි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

Maimoonar

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Maimoonar

58 comments

Comments are closed.