NewsPolitical

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනයට පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් නොකිරීමට රජයේ අවධානය යොමුකර ඇත. ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර තිබේ.

එම සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා විවාදයේදී සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි.

අධ්‍යයන කමිටුවේ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (15 වැනිදා) භාරදී තිබේ. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවේ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් විසිනි. ජනතාව සහ ජාතික සංවිධාන ඉදිරිපත් කළ යෝජනා කමිටුව විසින් අධ්‍යයනය කර සංශෝධන ඇතුළත්ව වාර්තාව සකස් කර තිබේ.

මෙම කමිටු වාර්තාව අගමැතිවරයා අද (16 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

lanka lead news

Related posts

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

Maimoonar

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..

Maimoonar

ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

Maimoonar

6 comments

Comments are closed.